Thursday, November 24, 2011

Shaolin - කලකම් පල දේ



ඔන්න ඉතින් මාත් බලපු හොද ෆිල්ම් ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා.
මේක බුදු දහම හා බැදුනු කතාවක්.
චීනයේ සටන් කලාව බැදිලා තියෙන්නේ ශ්‍රමණ ආශ්‍රමත් එක්ක කියලා දන්නවා ඇතිනේ. ඉතින් මේ ෂැඔලින් කියන්නේ ඒ වගේ සටන් කලාවත් එක්ක බැදුණු ශ්‍රමණ ආශ්‍රමයක් ආශ්‍රිත කතාවක්. ෆයිට් නම් සුපිරි...

කතාව පොඩ්ඩක් කිව්වොත් මේ කාලේ වෙන කොට චීනයේ හිටියේ ප්‍රාදේශිය පාලකයෝ. නිතරම මේ පාලකයෝ අතරේ සටන් ඇතිවුනා. ඔය කාලේ වෙන කොට මේ කියන ෂැඔලින් ආශ්‍රමය වටා සරණාගතයෝ රැස්වෙලා හිටියා.මේ වගේ යුද්ධෙකදි පැනලා යන නායකයෙක් මේ ෂැඔලින් ආශ්‍රමය ඇතුලේ මහණුන්ගෙන් ප්‍රතිකාර ලබන අතරේ හාවෝ ජීන් කියන නායකයා එයාව ආශ්‍රමය ඇතුලෙම මරනවා. ඊට පස්සේ එයාගේ ජීවිතේ සෑහෙන්න ලොකු වෙනසක් වෙනවා. අන්තිමට එයත් මහණ වෙනවා. ඔය කාලය තුල එයාට ගොඩක් දේවල් වලට මුහුණදෙන්න වෙනවා....

මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂණය බෙනි චෑන්ගේ. 
චිත්‍රපටිය පැය 2කුත් විනාඩි 11ක් ධාවන කාලයකින් යුක්තයි
ඔයාලට බාගන්න මෙතනින් ගන්න. ටොරන්ට් හැටියට තියෙන්නේ. ඉංග්‍රිසි උපසිරැසි අන්තර්ගතයි..

වැඩක් වුනා නම් කමෙන්ට් එකක් දාලා එහෙම යන්න ඈ 

No comments:

Post a Comment

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න