Sunday, August 26, 2012

ගෙදර ඉදන්ම 3D ෆිල්ම් බලමු




අපේ ගෙදර අපේ මොනිටරෙන් 3D ෆිල්ම් බලන්න :O 
පිස්සුද හැටිද???

දැන් අලුත්ම කතාව 3D is The Next Generation of The Cinema.
අපිට 3D ෆිල්ම් බලන්න ක්‍රම දෙක තුනක් තියෙනවා

1. 3D තාක්ෂණය තියෙන ෆිල්ම් හෝල් එකකට ගිහින් ෆිල්ම් එක බලනවා
2. ගෙදරට 3D ටීවී එකක් ගෙනෙල්ලා 3D ෆිල්ම් එකකුත් හොයාගෙන බලනවා

ඔය දෙකම කරන්න ගියාම අපිට ප්‍රශ්න එනවා 
ෆිල්ම් හෝල් එකකට යන්න වෙලාවක් තියෙනවද?
ගෙදරට 3D ටීවි එකක් ගන්න තරම් සල්ලි තියෙනවද?

ඔය සේරම ප්‍රශ්න මගඇරගෙන
අද අපි කතා කරන්නේ අඩු මුදලට ගෙදර ඉදන්ම 3D ෆිල්ම් එකක් බලන්න විදියක්  ගැන.

මේකට මූලිකවම 3D ප්ලේයර් එකක්, 3D ෆිල්ම් එකක්, 3D ග්ලාස් එකක් (Red & Cyan) ඕන වෙනවා.. 
නමුත් 3D මූවි එකක් ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්නත් අමාරුයි.
ඒ වගේම හොයා ගත්තත් අඩුම ගානේ 10GB වත් වෙනවා.
අනික් කතාව අපිට ඕන හැම ෆීල්ම් එකම නෑ.

ඔය වගේ සීමා ගොඩක් යටතේ 3D ෆිල්ම් බැලිල්ල අතෑරලා දාලා ඉදපු මට මෙන්න ලැබුනා 3D ෆිල්ම් ගෙදර ඉදන්ම බලන්න නියම ක්‍රමයක්...

  • සාමාන්‍ය ෆිල්ම් එකක් 3D කරගන්න විදියක්
  • ඒක බලන්න හොද ප්ලේයර් එකක්
  • අපිට ඕනේ 3D ග්ලාස් එකක්
මුලින්ම කියන්නම් කොහොමද ෆිල්ම් එකක් 3D කරගන්නේ කියලා...
ඒකට අපි පාවිච්චි කරනවා Xilisoft 3D Video Converter කියන සොෆ්ට්වෙයා එක..ඒක Download කරගෙන install කරගන්න


ඊලගට හදාගත්තු ෆිල්ම් එක බලන්න හොද ප්ලේයර් එකක් තමා KMPlayer එක...
ඒකෙදි අපිට 3D විදියට ෆිල්ම් බලන්න පහසුකම් දීලා තියෙනවා. ඒකත් Download කරගෙන install කරගන්න



3D ග්ලාසස් නම් රු 150 ඉදන් රු 600 වෙනකම් මිලදී ගන්නත් පුලුවන්. එහෙමත් නැත්තම් පහත වීඩියෝවේ විදියට අපිට ගෙදරම හදාගන්නත් පුලුවන්..

මේ සේරම ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ අපි බලමු කොහොමද මේක කරන්න කියලා



මුලින්ම Xilisoft 3D Video Converter එක ඕපන් කරගෙන 
  • 2D to 3D ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න
  • වම් අත පැත්තේ පහලම තියෙන + බට්න් එක ක්ලික් කරන්න
  • එතනින් අවශ්‍ය ෆිල්ම් එක තෝරලා දෙන්න
  • ඊට පස්සේ පහල තියෙන ඔප්ෂන් තුනෙන් side by side  ඔප්ෂන් එක දීලා කන්වර්ට් ක්ලික් කරන්න
  • ෆයිල් එක සේව් වෙන්න ඕන තැන අහවි එතකොට,ඒකත් අවශ්‍ය තැන තෝරලා සෙව් කරන්න..
ඊලගට KMPlayer එක ඕපන් කරගෙන 
  • Ctrl+O ප්‍රෙස් කරන්න
  • ඊලගට ඉස්සෙල්ලා අපි කන්වර්ට් කරගනිපු ෆීල්ම් එක තියෙන තැනින් සිලෙක්ට් කරලා දෙන්න
  • ආයෙම වම් අත පැත්තේ පහල තියෙන 3D බට්න් එක ක්ලික් කරන්න

දැන් ඉතින් 3D ග්ලාසස් දාගෙන බලන්න තියෙන්නේ...

3D ග්ලාසස් ගෙදරදිම හදා ගන්න මේක බලන්න



එහෙමනම් කට්ටිය බලලා හෙම අදහස් උදහස් දක්වන්නකෝ. 
ඔය අනම් මනම් 3D බලන්න ගිහින් මොනා වෙයිද කියලා නම් මං දන්නෙ නෑ ඕං 


7 comments:

  1. පනුච්චිAugust 26, 2012 at 7:27 PM

    මරු මරු :)

    ReplyDelete
  2. karala balanna one.....nice work boola

    ReplyDelete
  3. machan sure da meken 3D penawa kiyala onima normal LED moniter ekaka? ehenam ai 3D screen enable lap top and 3D enable VGA hadanne? me post eka adala wenne 3D moniter walata witarada? thanx.

    ReplyDelete
  4. 3D වර්ග දෙකක් තියෙනවා මචන්..
    ලේයර් 3D සහ රෙඩ් ඇන්ඩ් සයන් 3D
    ලේයර් 3D තමා හොදම තාක්ෂණය
    රෙඩ් ඇන්ඩ් සයන් කියන්නේ මූලික දේ.
    අපි බලන්නේ රෙඩ් ඇන්ඩ් සයන් වලින්.
    ඒක නිසා මේකට මොනිටර් සපෝර්ට් එක ඒනේ නෑ..
    නමුත් වීදුරුව වගේම තියෙන ග්ලාසස් පාවිච්චි කරලා බලන්න නම් ලේයර් 3D සපෝර්ට් කරන මොනිටර් එකක් ඕනේ

    ReplyDelete
  5. thanx machan :) meken honda qulity ekata 3D penawada?

    ReplyDelete
  6. 50% කට වැඩිය සාර්ථකයි

    ReplyDelete

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න