Wednesday, November 9, 2011

බ්ලොග් පොස්ට් එකට Read more බට්න් එක දාගන්න කොඩ් එපා



බ්ලොග් ලියන කට්ටිය දන්නවා ඇතිනේ දැන් අළුත් Interface එකක් හෙම ඇවිල්ලා කියලා. මට තවත් වැඩ කෑල්ලක් හම්බ වුනා. අපි වෙනදා Read more දැම්මේ කොඩ් එකකින් හරි බට්න් එක තියෙන ටෙම්ප්ලේට් එකකින් හරිනේ.



ඒ වුනාට පෝස්ට් එඩිටර් එක ඇතුලෙම ඕන කරන දේ තියෙනවා කියලා දන්නේ අද තමා. ඒක කොරන්නේ මෙහෙමයි. මුලින්ම දාගෙන නැති අය අළුත් Interface එක දාගන්න. මම පාවිච්චි කරන්නේ ඒක
දැන් ඔයාලට පේනවා ඇති අළුත් මූනත

ඒකේ උඩ තියෙන ඔයාගේ බ්ලොග් එක ක්ලික් කලාම මෙතනට ඒවි.

 ඊට පස්සේ අළුත් පෝස්ට් එකක් ලියන්න නම් ඔය නිව් පොස්ට් එක ක්ලික් කරන්න

ඊට පස්සේ පොස්ට් එකේ ටයිටල් එක එහෙම දාලා. මුලින් පෝස්ට් එක පේන් ඕන ටික ලියලා ඊට පස්සෙ ඔය රවුම් කරලා තියෙන Insert Jump Break බට්න් එක ක්ලික් කරන්න. එතකොට අළුපාට තීරුවක් ඒවි. ඊට පස්සේ අනිත් ටික ලියන්න. දැන් Publish කරන්න. දැන් ගිහින් බලන්නකෝ..
 අපිට පුළුවන් Read More බට්න් එකේ වචනේ අපිට කැමති විදියට වෙනස් කරන්න පුළුවන්. ඒකට ආයෙම ඔය උඩ පික් එකේ පෙන්නන තැනට ගිහින් පහල තියෙන Layout එක ක්ලික් කරන්න. එතකොට ඔයා මෙතනට එයි
 දැන් ඔය උඩ රූපේ රවුම් කරලා තියෙන Edit එක ක්ලික් කරන්න. ඊට පස්සේ පහල රූපෙන් පේන තැනට ඒවි.ඒකේ කොටු කරලා තියෙන තැන අවශ්‍ය වචනේ ටයිප් කරලා. save කොරලා බලන්න. හරි ගියානම් පොඩි කමෙන්ට් එකකුත් දාගෙන යන්න......
තව එකක් මේවා දන්න අය ඕන තරම් ඇති. ඒත් මට කියලා දෙන්න කවුරුත් හිටියේ නෑ. ඒක නිසා මම වගේම පටන් ගන්න හිතන අයට උදව්වක් හැටියටයි මම මේවා දාන්නේ....සැමට සුභ අනාගතයක් වේවා

No comments:

Post a Comment

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න