Sunday, December 11, 2011

ෆොන් එකෙන් සිංහල වෙබ් සයිට් බලමු-Opera බ්‍රවුසරයට සිංහල දාන හැටි



අපි අතේ ගොඩක් වෙලාවට තියෙන්න මොබයිල් එක...හදිස්සියකට ලැප් එකක් වුනත් ඔන් කර කර ඉන්නවට වඩා මොබයිල් එකෙන් වැඩ කරගන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද? ඔෆිස් වුනත් ෆෝන් එකෙන් දැන් කරගන්න පුලුවන්නෙ...

ඉතින් අපි හැමෝම දන්න කියන ඔපෙරා මිනි බ්‍රවුසර් එකෙන් කරන්න පුලුවන් වැඩක් තමා මේක..කාටහරි මේක බාගන්න ඕනෙනම් මෙතනින් ගන්න..එහෙමත් නැත්තම් ෆෝන් එකෙන් ගන්න නම් මෙතනින් යන්න.....මේක කරන්න පුලුවන් ඔපෙරා මිනි එකේ විතරයි...ඔපෙරා මොබයිල් එකේ තාම ට්‍රයි කරලා බලල නම් නෑ....
එහෙනම් දැන් බලමු මේක කරන්නෙ කොහොමද කියලා. මුලින්ම ඔපෙරා බ්‍රව්සර් එක ඕපන් කරගන්න...
ඊලගට ඒකේ ඇඩ්‍රස් බාර් එකේ opera:config කියලා ටයිප් කරලා, Go ප්‍රෙස් කරන්න(සැයු-සර්ච් නෙවෙයි. ආමාන්‍ය ඇඩ්‍රස් එකකට යනවා වගේ)

එතකොට ඔයාලා ඒවි පහල රූපයෙන් පෙනෙන තැනට
ඒ ලිස්ට් එකේ පහලටම ස්ක්‍රොල් කරගෙන යද්දී අන්තිම ඔප්ෂන් එන තියේවි
Use bitmap fonts for complex scripts කියලා. ඒක සාමාන්‍යයෙන් No කියලා තියෙන්නේ...ඒක yes කරන්න.

ඊටපස්සේ Save ක්ලික් කරලා සිංහල තියෙන සයිට් එකකට ගිහින් බලන්න.......
සමහර විට දෙතුන් පාරක් සේව් කරන්න වේවි.....


5 comments:

  1. මාත් ෆෝන් එකට සිංහල දාගන්නේ කොහොමද කියලා හොය හොය හිටියේ.එල

    ReplyDelete
  2. @නලින්....තැන්ක්ස් මචෝ.......

    ReplyDelete
  3. Worked for me....:)...Thank You Asabu...:)
    its Kaviya here...:)

    ReplyDelete
  4. kaviya.....it's glad to see you @ my blog....not just glad. It's honor....

    ReplyDelete
  5. මට මේක හරියට වටිනවා.බොහොම ස්තූතියි අසංක මල්ලි.

    ReplyDelete

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න