Saturday, December 10, 2011

හාඩ් ඩිස්ක් එක ෆෝමැට් නොකර පාටිෂන් කරමු


             අද මම කියන්න යන්නේ කිසිම සොෆ්ට්වෙයා එකක් භාවිත නොකර ඩේටා වලටත් හානි නොවි ෆෝමැට් නොකර හාඩ් ඩිස්ක් එක පාටිෂන් කරන්නෙ කෝහොමද කියලා....
මේකේ තියෙන වාසි තමා
  • ෆෝමැට් කරන්න ඕන වෙන්නෙ නෑ.
  • ඩේටා වලට හානියක් නෑ
  • සොෆ්ට්වෙයා එකක් නොවන නිසා අනවශ්‍ය ප්‍රශ්නත් නෑ
මේක කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඇඩ්මිනිස්ටර් එකවුන්ට් එකෙන් ලොග් වෙන්නම ඕනේ

දැන් මුලින්ම computer icon එක උඩ right click කරලා manege> වලට යන්න...
එතකොට ඒවි computer management වින්ඩෝ එක....එතනින් Disk Management තෝරන්න.

එතකොට එනවා මැෂින් එකට කනෙක්ට් කරලා තියෙන සියළුම හාඩ් ඩිස්ක් වල විස්තර.......
එතනදි ඔයාට වෙන් කරන්න ඕන ඉඩ තියෙන පාටිෂන් එකක් උඩ ක්ලික් කරලා Shrink Partition දෙන්න.
එතකොට මේ පහල රූපේ වගේ වින්ඩෝ එකක් එයි...එතනදි වෙන් වෙන්න ඕන සයිස් එක හරියටම මෙගා බයිට් වලින් දෙන්න......
ඒක දුන්නට පස්සෙ Shrink ක්ලික් කරන්න....එතකොට අර කලින් හාඩ් ඩිස්ක් වල විස්තර තිබ්බ තැන Unallocated space කියලා තියේවි...ඒකේ එතන ක්ලික් කරලා නිව් පාටිෂන් දෙන්න...

එහෙනම් ඔන්න ඒකත් අහවරයි..ආයෙම මේ වගේ ලිපියකින් මුනගැහෙමු...මොකක්ම හරි ප්‍රශ්නයක් තියේනම් කමෙන්ට් එකකින් අහන්න......

6 comments:

  1. @ නලින්----තෑන්ක් මචෝ

    ReplyDelete
  2. yalu C ekatath mehema kaloth awlak wena ekak nehe neda

    ReplyDelete
  3. නෑ නෑ කිසි අවුලක් නෑ...ඒත් කරන්න දෙන එකක් නෑ...

    ReplyDelete
  4. C: එකත් ඔහොම කඩන්න පුලුවන් ද??

    ReplyDelete

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න