මෙහෙයුම් පද්ධති එහෙමත් නැත්තම් තේරෙන භාශාවෙන් කීවොත් Operating Systems (OS) කියන්නේ ගොඩක් අයට ඇහැට කනට හුරු වචනයක්....
එහෙනම් මොකක්ද මේ මෙහෙයුම් පද්ධතියක් කියන්නේ?
එහෙමත් නැත්තම් පද්ධති මෘදුකාංගයක් (System Software) කියන්නේ ?
සරලවම කීවොත්
පරිඝනක පද්ධතියක් මෙහෙයවන්න අපිට සහය වෙන මෘදුකාංගයක්.....
The Software which assist us to operate a computer system.....
පරිගණක පද්ධති මෘදුකාංගයක අන්තර්ගතය මොනවද?
Kernal
CLI (Command Line Interface)
Applications
GUI (Graphical User Interface)
පරිඝණක පද්ධතියක ඉදන් භාවිත කරන අපිට (Userට) වෙනකම් තියෙන සම්බන්ධතාවය මොකක්ද?
දෘඩංග පද්ධතියක් (Hardware System) සහ අපේ වැඩ කරගන්න පාවිච්චි කරන යෙදවුම් මෘදුකාංග (Application Software) අතර සම්බන්ධතාවය ගොඩ නැගීම තමා OS එකක මූලිකම කාර්යභාරය.
දෙවනුව අපේ Application Software වලට පදනමක්(base) වීම.
මෙහෙයුම් පද්ධතියක් වැඩ කරන්නේ කොහොමද?
මෙහෙයුම් පද්ධතියක් මූලිකවම භාවිත කරන්නාට(User) පරිශීලක අතුරුමුහුණතක්(User Interface) හදනවා.
ඒ අතුරුමුහුණතට යටින් මෙහෙයුම් පද්ධතිය විසින්ම,
I/O Management (ආදාන කළමණාකරනය)
Memory Management (මතක කළමණාකරනය)
Processor Scheduling
සිදුකරනවා
ඒ කියන්නේ පරිඝණකයේ දෘඩාංග (Hardware) වලින් එන විධාන භාර ගන්න ගමන් එලියට යන්න ඕන විධාන නිර්මාණය කරනවා......
ඔන්න ඔය දෘඩාංග සහ මෘදුකාංග අතර සම්බන්ධතාව ගොඩනගන්නේ Kernal කියන කොටසින්....
මේ kernal එක තමා මෘදුකාංග පද්ධතියේ ලොකුම වැඩ කොටස කරන්නේ....
ඊලගට ඒ Kernal එකෙන් ගන්න විධාන(commands) applications හරහා process කරලා අපිට පෙන්න සලස්වන්නේ GUI එකෙන්.
අපිට ඇහැට පේන හැම දෙයක්ම අයිති මේ GUI එකට.
Desktop එක ඇතුලු හැම දෙයක්ම...
අදට මෙහෙයුම් පද්ධති ගැන පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා...
අඩුපාඩු ඇති.
නොතේරෙන තැන් තියේ නම් කමෙන්ට් බොක්ස් විවෘතයි.
වැරදි තියේ නම් කියන්න.
ඊලග දවසේ කර්නල් එක සහ කර්නල් එකෙන් කරන්න පුලුවන් දේවල් ගැන විස්තරයක් අරගෙන ආයෙම එන්නම් !!!!!!!
නියමයි අසංක සහෝ වැදගත් පොස්ට් එකක්. දිගටම ලියමු (Y)
ReplyDeleteමේක මෙහෙම ආවත් හරි Kernal එකත් එක්ක (ඔයාගේ ෆොටෝ එක චුට්ටක් එඩිට් කරා)
https://lh4.googleusercontent.com/-d60BKaJ6nI0/U28NV4bI2ZI/AAAAAAAABQg/CkVQLPisAyo/w303-h510-no/1.png
ජය!
ඔව් ඒක හරි
Deleteහැබැයි කර්නල් එක කියන්නේ ඔපරේටින් සිස්ටම් එකේම කොටසක් නේද
තේරුනා නැතා.. දන්න දේවල් කියහංකෝ බලන්න.. මොනවම හරි ඉගෙන ගතෑකිනේ...
ReplyDeleteඅනිවාර්යයෙන්ම :D
Deleteදිගටම ලියමු මචො
ReplyDelete