Tuesday, November 8, 2011

නොකියා ෆෝන් පාවිච්චි කරන අයට පොඩි ටිප් එකක්



දැන් මොබයිල් ඉන්ටර්නෙට් පට්ට ස්පීඩ්. ඉතින් කට්ටිය හැමමගුලම කොරන්නේ ෆෝන් එකෙන් නොවැ. ඉතින් ඔව්වා කරද්දි ෆෝන් එකට එනවා වෛරස්. දැන් ඉතින් එක විකාරයයි.
ඔන් වෙනවා, ඕෆ් වෙනවා, මැසේජ් යනවා, කොල් යනවා. වැඩ ගොඩයි. දැන් ඕකත් අරගෙන ෆෝන් ෂොප් එකකට ගියොත් රු1000කට මෙහා ගොඩ දානවා බොරු. ඒත් සිම්බියන් ඕඑස් තියෙන නොකියා ෆෝන් මුල් තත්වෙතටම ගන්න පුළුවන් විදියක් තියෙනවා. මේකට කියන්නේ මාස්ටර් රිසෙට්, හාඩ් රිසෙට්. පොඩි අවුලකට තියෙන්නේ මේක කලාට පස්සෙ ෆෝන් එක ෆැක්ටරි එකෙන් අවුට් කරපු තත්වෙට පත්වෙනවා. ඒ කියන්නේ අපේ ඇප්ලිකේෂන්, කන්ටෑක්ට්ස් සේරම ඩිලිට් වෙනවා. ඒක නිසා ඒවා බැකප් කරගන්න නැත්තම් ආසාව අත්අරින්න.
 කී පෑඩ් එක තියෙන ෆෝන් වල මුලින්ම ෆෝන් එක හොදට චාජ් කරලා ඕෆ්කරන්න. සිම් එක, මෙමරි කාඩ් එක අයින් කරන්න. ඊටපස්සේ

Dial key(කොළපාට)+ Star(තරුව)+3(තුන) තුනම එකපාරට ඔබාගෙන Power Button එක ඔබාගෙන ඉන්න. ඉන්න රට අහලා screen එක එනකම්ම ඉන්න.

5800 වගේ ටච් ෆෝන් නම් ඒ වගේ චාජ් කරලා ඕෆ් කරලා සිම් එක මෙමරි කාඩ් එක අයින් කරන්න,
ඊට පස්සේ


පෙන්නලා තියෙනවා වගේ Dial key(කොළපාට)+ Call end key(රතුපාට)+Camera(කැමරා) තුනම ඔබාගෙන ඔන් කරන්න...

අනිත් අළුත් ෆෝන් වලටත් තියෙනවා දෙවනි පෝස්ට් එකකින් දාන්නම්. නැත්තම් මේක මාගල වගේ වෙනවා

4 comments:

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න