Saturday, February 22, 2014

Windows 8.1 වලට Android Fastboot Drivers ගන්නේ නැද්ද?


සෑහෙන කාලෙකින් ආයෙම බ්ලොග් එකේ මකුළු දැල් කඩලා ගන්න හිතුනා. සෑහෙන කාලයක් කියන්නේ හරියටම බැලුවොත් අවුරුදු 2යි දවස් 13කට පස්සේ...ඒ වුනෙත් දැනගත්ත දේවල් කාටවත් නොකියා නිකන්ම අතපය අකුලගෙන ඉන්න බැරි කැසිල්ලක් තියෙන නිසානේ.. :P

Microsoft සමාගමේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය Windows 8.1
Windows 8.1 ක්‍රැක් ගැන වත් කී ගැනවත් නෙවෙයි කියන්න යන්නේ නම්.
Sony Samsung ෆෝන් පාවිච්චි කරන අයට,
ඇත්තටම කීවොත් මරන් කන අයට වැදගත් වෙන පෝස්ට් එකක්.

මට තියෙනවානේ උණක් එන එන අලුත් එක දාගැනීමේ.
ඉතින් ආපු ගමන් 8.1 දාගෙන හෙන දුකක් වින්දා මේ Sony වල Fastboot Drivers ඉන්ස්ටෝල් නොවීම.
ඕක වෙලා විදෝ විදෝ ඉදිද්දි තමා අපේ බෝරා සහෝදරයා වින්ඩොව්ස් 8.1 වලට Fastboot Drivers දාන හැටි කියලා පෝස්ට් එකක් දැම්මේ. 
ඇත්තටම ඒක වැඩ කරනවා. 
හැබැයි අවුලකට තිබුනේ වැඩ කලේ Intel Mother Board වලට විතරයි. ඒකත් USB 3.0 තියෙන්නත් ඕනේ.
ඒකත් වැඩ නොකර ඉදිද්දි තමා යොහාන් ලොක්කා කතා කරලා ඇහුවේ මෙහෙම එකක් XDA එකේ දැක්කා ට්‍රයි කලාද කියලා. 
ඔන්න ඒක මම ටෙස්ට් කරලා බැලුවට පස්සේ වැඩ කල නිසා තමා මෙහෙම දාන්න කියලා හිතුවේ !!!

කරන්න තියෙන්නේ මෙච්චරයි.
මුලින්ම Windows වල Driver Signature Check එක ඕෆ් කරගන්න වෙනවා.
ඒකට යන්න 
Setting > Update & Recovery > Advance Restart



මැෂින් එක Restart වේවි.

එතනදි එන ඔප්ෂන් වලින් Troubleshoot >  Advance Setting > Start up Settings යන්න.
ආයෙම Restart කරන්න අහවි.

රී ස්ටාර්ට් කලාම එන ස්ක්‍රීන් එකේදි F7 (Function Key 7) ඔබන්න.

ආයෙම මැෂින් එක රිස්ටාර්ට් වෙයි...
ඔන්න ඒ වැඩේ ගොඩ :)

දැන් අවශ්‍ය ෆයිල් ටික මෙතන ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න 
ඒක ඇතුලේ තියෙනවා සිස්ටම් ආකිටෙක්චර් එක අනුව ෆෝල්ඩර් දෙකක්. 
x64
x86
ඒකෙන් තමන්ගේ සිස්ටම් එකට ගැලපෙන එකට යන්න
ඒ ෆෝල්ඩර් එක ඇතුලේ ඇති ෆයිල් තුනක් එතනින් usbhub.sys  usbport.sys ෆයිල් දෙක කොපි කරගන්න.

ඊට පස්සේ ඒ ෆයිල් දෙක
C:\Windows\system32\Drivers ෆෝල්ඩර් එකට කොපි කරන්න.
රිප්ලේස් කරන්න ඇහුවොත් රිප්ලේස් කරන්න දෙන්න (Yes Click කරන්න)

දැන් මැෂින් එක රිස්ටාර්ට් කරලා ෆ්ලෑෂ් ටුල් දාලා Fastboot drivers දාලා බලන්න.

මම මේක ට්‍රයි කලේ GigaByte G41 මදර්බෝඩ් එකක. USB 2.0 තමා මේකේ තියෙන්නේ.

මේක මට සාර්ථකයි. මේ තියෙන්නේ ස්ක්‍රීන්ෂොට් 

ඒ වගේම මම මේක උපුටාගත්තේ XDA Thread එකකින්

එහෙනම් ට්‍රයි කරලා බලන්න :)




9 comments:

  1. අපිනම් තාම සෙවන් බන්, :)

    ReplyDelete
  2. අතපය තියන් ඉන්න බැරි අවුලක් තියේනේ බන්

    ReplyDelete
  3. එල වැඩක් කොල්ලෝ :)

    ReplyDelete
  4. C:\Windows\system32\Drivers
    මෙතනට අර file දෙක කොපි කරන්න දෙන්නේ නැනේ...

    ReplyDelete
    Replies
    1. මොකක්ද කියන්නේ?
      පර්මිෂන් අහයි
      ඉස්සරහට යන්න

      Delete

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න