Friday, June 8, 2012

සිම්බියන් වලටත් සිංහල......


කාලෙකින් ආයෙත්.......ආයුබෝවන් කිවා
                      ඇන්ඩ්‍රොයිඩ් නම් රූට් කරලා සිංහල දානවා.එතකොට අපි නොකියා ෆෝන් වල එහෙමත් නැත්තම් සිම්බියන් OS වැඩ කරන ෆෝන් වල සිංහල දාගන්නේ කොහොමද?
අපිට දැන් ලංකාවෙන් කරන වෙබ් සයිට් එකකට ගියත්. එහෙමත් නැත්තම් ෆේස්බුක් ගියත් ට්වීටරේට ගියත්, අපේම බ්ලොග් එකකට ගියත් ගොඩක් වෙලාවට සිංහල පාවිච්චි වෙනවා. ඒකට නම් ඔපෙරා තියෙනවනේ..ඔපෙරා එකේ සිංහල හදාගන්න හැටි කලින් කියලා දුන්නා මතක ඇතිනේ...ඒත් සමහර වෙලාවට සිංහලෙන් SMS එකක් ආවොත් මොකද කරන්නේ...සිංහල ටයිප් කරගන්න මොකද කරන්නේ?? 
                       සිංහල පේනවනම් අපිට යුනිකෝඩ් පරිවර්තකයක් පාවිච්චි කරන්න පුලුවන්නේ.ඉතින් දැන් තේරෙනවා ඇති වැදගත්ම දේ සිංහල පේන එක කියල..අපි බලමු කොහොමද සිංහල දාගන්නේ කියලා...

                      මේකට මුලින්ම ඕනේ ඉස්කෝල පොත ෆන්ට් එකයි....
                                                         ෆන්ට් සූමර් ඇප්ලිකේෂන් එකයි
                       

                     ඒ දෙක ඩවුන්ලෝඩ් කරගෙන ෆන්ට් සූමර් එක ඉන්ස්ටෝල් කරලා හෙම පටන් ගමු...




දැන් බාගත්තු ඉස්කෝල පොත ෆන්ට් එක ෆෝන් එකේ ෆෝන් මෙමරිය ඇතුලේ තියෙන Font Zoomer ෆෝල්ඩර් එකට කොපි කරන්න..




ඊට පස්සේ
අයෙම ෆන්ට් සූමර් එක ඕපන් කරලා බලන්න





දැන් එතන ඇති iskola pota ෆන්ට් එක...ඒක සිලෙක්ට් කරලා ෆෝන් එක රීස්ටාර්ට් කරලා බලන්න...
හොදටම හොදට නැතත් කියවගන්න පුලුවන් විදියට සිංහල පෙනේවි.
ඒ වගේම ෆන්ට් එක පොඩි වගේනම් ලොකු කරගන්න එහෙමත් පුලුවන් ....
පෝස්ට් එකෙන් වැඩක් වුනා නම් කමෙන්ට් එකක් හෙම දාලා ගියාට තරහා නෑ

4 comments:

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න