Thursday, January 26, 2012

Can You Run It~ගේම් ගහමු

                මගේ කම්පිටරේ ගහන්න පුලුවන් ගේම් මොනවද? ගොඩක් අය අහන ප්‍රශ්නයක්.ඒ වගේම එකට දෙන උත්තරත් හැමදාම එකවගේ තමා ඕකේ ගහන්න පුලුවන් සුපර් මාරියෝ විතරයි.ඉතින් ගේම් ගැහිල්ල එතනින්ම එපා වෙනවා. කාගෙන් අහන්නද කියලා හිතලා හිතලා ඇහුවා මදෑනේ...
ඕක මමත් මගේ යාලුවෝ ගොඩක් අයත් මූන දුන්න ප්‍රශ්නයක්.ඒකට විසදුම් හොයද්දි තමා මට මේ සයිට් එක හම්බ වුනේ..ඒකෙන් අපේ කොම්පියුටර් එක ස්කෑන් කරලා කියනවා ඔයාට ඕන ගේම් එක අපේ කොම්පියුටර් එකේ ප්ලේ කරන්න පුලුවන්ද කියලා.
බයිලා නැතුව මෙන්න සයිට් එක
මේක වැඩ කරන්න අපිට ඕන වෙනවා ජාවා පහසුකම.මොකද අපේ කම්පියුටරේ ස්කෑන් කරන්නෙ පොඩි ජාවා ප්‍රෝග්‍රෑම් එකකින්..ඒකට ඉතින් ජාවා නැති අය මෙතනින් ගන්න

ඊලගට මේකෙන් වැඩ ගන්න හැටි
මුලින්ම ජාවා ස්ථාපනය කරගන්න(සිංහලෙන් ඉන්ස්ටෝල්)
ඊළගට ඔය තියෙන සයිට් එකට යන්න
එතකොට පෙනේවි මේ වගේ
ඔතන තියෙන ලිස්ට් එකෙන් ඔයාට ඕන ගේම් එක සිලෙක්ට් කරන්න
ඊලගට Can You RUN IT කියලා තියෙන බොත්තම ක්ලික් කරන්න
ඊට පස්සෙ ඒවි මේ වගේ 

ඒක Run This time හෝ Always run on site එක දෙන්න. මගේ නිර්දේශයනම් run this timeඑක.
ඒක දුන්නාම ඒවි මෙහෙම
පේනවනේ..අවම පහසුකම් සහ නිර්දේශිත පහසුකම් අතර වෙනස පැහැදිලිව දක්වමින් පේන්නනවා
ඒ වගේම මෙහෙම අපේ පහසුකම් පැහැදිලව වගුවකින් දක්වනවා

ඉතින් මම හිතනවා හැමෝටම මේක ප්‍රයෝජනවත් වෙයි කියලා...
පොඩ්ඩක් හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් එහෙමත් බැ බෑ වගේ නම් ලයික් එකක් හරි දාගෙන යන්න කියලා ඉල්ලනවා

1 comment:

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න