Wednesday, November 30, 2011

හරි විදියට වින්ඩෝස් සෙවන් ඉන්ස්ටොල් කරන්නේ මෙහෙමයි



හ්ම් අදට බ්ලොගියට මාසයයි.......මොකක් හරි නොදත් බෑනේ. කම්මැලිකම කට කපලා. වහිනවා දෙල් වෙන්න....මම මේක දාන්න හිතුවේ ඔන්ලයින් හෙල්ප් ෆේස්බුක් ගෘප් එකේ දාපු පොස්ට් එකක් දැකලා. ඒක දැකලා
අනිත් පැත්තට දැක්ක මල්ලි කෙනෙක් XP දාන හැටි කියලා දිලා තියෙනවා…
ඉතින් මම හිතුවා සෙවන් දාන හැටි කියලා දෙන්න. සෙවන් දාන්න ඕන පහසුකම් මෙතනින් බලා ගන්න. ඉතින් මුලින්ම සෙටප් එකට ගිහින් First Boot Device එක හැටියට රොම් එක එහෙම දිලා හදාගන්න. ඊට පස්සේ රොම් එකට DVD එක දාලා. බූට් වෙන්න අහන කොට මොකක් හරි කී එකක් ඔබන්න…එතකොට ඔයාලා ඒවි මෙතනට. රොම් එකක් නැති කෙනෙක් මොකද කරන්නෙ කියලා මම මේ ලිපියෙන් කියලා තියෙනවා..
install_win7_1-590x367
ඊළගට මෙහෙම
install_win7_2-590x367
install_win7_3-533x400
ඔන්න ඔතනදි ඔයා පාවිච්චි කරන භාෂාවයි වෙලාව පෙන්නන ෆෝමැට් එකයි හදලා දෙන්න. ඒත් මගේ අදහසනම් ඕවා ඔහොමම තියන එක හොදයි. ඒවා පස්සේ වුනත් වෙනස් කරගන්න පුලුවන්නෙ. එතන ඒ ටික කරලා Next click කරන්න.
එතකොට මෙතනට
install_win7_4-533x400
එතනින් Install Now click  කරලා ඉස්සරහට යන්න. විශේෂ දෙයක් දැන ගන්න හෙම තියේනම් What to know before install Windows ක්ලික් කරලා බලන්න.( මට නම් පේන්න තිබ්බේ පල් හෑලි ගොඩක්)
ඊළගට මෙතනට..
install_win7_5-533x400
ඔතන සුපුරුදු විදියටම I accept the license terms  එකට ටික් එක දාන්න. එකග නොවුනත් කමක් නෑ දාන්න. මොකො අපි කියලා කරන එකක්යැ
ඊළගට,
install_win7_6-533x400
එතනින් Custom Install දෙන්න. ඒක කරදර අඩුයි..ඊලගට මෙතනට ඒවි
install_win7_7-533x400
ඔතන තියෙන Drive Options (advanced) එක ක්ලික් කරලා පාටිෂන් කරන ටික කරගෙන ඉන්ස්ටෝල් කරන්න ඕන පාටිෂන් ෆෝමැට් කරලා හෙම ඒක සිලෙක්ට් කරලා Next ක්ලික් කරන්න..එතකොට මෙතනට එනවා
install_win7_8-533x400
ඕක ඉවර වෙන්නනම් පැය කාලක්වත් යාවි….ඉවර වෙලා රීස්ටාර්ට් වේවි
install_win7_9-533x400
රීස්ටාර්ට් වෙලා ඔතනට ආවම ඔයාගේ නම ඔතනට ටයිප් කරලා …Next ක්ලික් කරන්න..
install_win7_10-533x400
පාස්වර්ඩ් එකක් දානවනම් මෙතනට දාන්න. ඊට පස්සේ
install_win7_11-533x400
ඔතන හිස් තියලා ඔය තියෙන ටික් එක අයින් කරලා Next ක්ලික් කරන්න
install_win7_12-533x400
මෙතනට ඕන එකක් දීලා ඉස්සරහට යන්න
install_win7_13-533x400
වෙලාව හෙම හදන්න. අපේ ටයිම් සොන් එක +5.30 Sri jayawardhnapura දෙන්න..Next ක්ලික් කරන්න
install_win7_141-533x400
ඔයාලා නෙට්වර්ක් කනෙක්ට් කරලා තියෙනම් මේක ඒවි. ඒක අදාල ලෙස දෙන්න.
install_win7_15-533x400
ඔන්න දැන් ඉන්ස්ටෝල් කරලා අහවරයි…..දැන් ඉතින් අනිත් සොෆ්ට්වෙයා ටිකත් දාගෙන හෙම හරිද කියලා බලන්න…..මේකත් හොදද නරකද කියලා කමෙන්ට පොඩ්ඩක් දාගෙනම යන්න තව එකක් මම මේක ලියන්නේ වින්ඩෝස් රයිටර් එකෙන්. මොනා හරි අවුලක් වෙනසක් තියේද කියලත් කියන්න…ක්‍රැක් එකත් ලගදීම විස්තර සහිතව දාන්නම්

4 comments:

  1. ela machan.මට දැනගන්න ඕන Xp දාපු pc එකකට seven දාන කොට full format නොකර C එකට විතරක් දාන්න පුලුවන්ද? එතකොට where do you want to install windows කියන තැනේදි මොකක්ද කරන්න ඕන???(මට XP සම්පූර්නයෙන්ම අයින් කරලයි දාන්න ඕනා. අනිත් පාර්ටිෂන් වල තියෙන ඩේටා ලොස් වෙන්නැතුව.)
    මචන් ක්‍රැක් එකත් පුලුවන්නම් දීපන්...

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පුලුවන් මචෝ...එතකොට c එක විතරක් සිලෙක්ට් කරලා දෙන්න. එතනදි සේරම පාටිෂන් පෙන්නාවි...ඇඩ්වාන්ස්ඩ් ඔප්ෂන් ගිහින් ෆෝමැට් දීලා යන්න

    ReplyDelete
  4. thanks machan.එතකොට crack එක කොහොමද කරන්නේ??

    ReplyDelete

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න