Friday, June 27, 2014

ජංගම දුරකතන ලොවට පෙරලියක්



FireFox ජංගම දුරකථනය සහ මෙහෙයුම් පද්ධතිය

සම්පූර්ණයෙන්ම Web පිටුවක් නිර්මාණය වන ආකාරයට නිර්මාණය වුනු මේ මෙහෙයුම් පද්ධතිය එතෙක් මෙතෙක් තියෙන සියළුම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධති වලට වඩා අඩු සම්පත් ප්‍රමාණයකදීත් වැඩ කරන්න සූදානම්.



සම්පූර්ණ ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතියම ගොඩනගලා තියෙන්නේ HTML5, CSS, Java Script කියන Web languages තුන භාවිත කරලා.
ඉතින් මෙහෙයුම් පද්ධතියක් වුනත් මේක වෙබ් පිටුවකට වඩා සම්පත් භාවිතයක් නෑ.

අපි ජංගම දුරකතනයක් මිලදී ගනිද්දි හිතනවා මේකට ඇප්ලිකේෂන් තියේවිද?
ඔව්
අපි සාමාන්‍යයෙන් දන්න ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ ප්ලේ ස්ටෝර් එක ‍වගේම ෆයර්ෆොක්ස් මෙහෙයුම් පද්ධතියට ෆයර්ෆොක්ස් මාර්කට් ප්ලේස් එක තියෙනවා.
ඒකේ තියෙන සේරම ඇප්ලිකේෂන් පදනම් වෙලා තියෙන්නෙත් HTML5, CSS, JS මතම නිසා මෘදුකාංග සංවර්ථනය ගැන ලොකු දැනුමක් නැති කෙනෙක්ට වුනත් තමන්ගෙම ඇප් එකක් හදාගන්න අපහසුතාවයක් මතු වෙන්නේ නෑ.
ඒක නිසා මේ දුරකථනය වෙලද පොලට නිකුත් වෙද්දි මාර්කට් ප්ලේස් එක පිරෙන්න ඇප්ලිකේෂන් තියේවි.

දැනට මේ දුරකතන වල Firefox OS එක වැඩ කරගෙන යනවා.
තාමත් සංවර්ධන මට්ටමේ තියෙන මේ දුරකථනය මේ වසරේ අග වෙද්දි නිල වශයෙන් නිකුත්වෙන්න සියල්ල සූදානම්. ඉතාමත් අඩු මිලකට වෙලඳපලට එකතු වෙන මෙම පෙරලිකාරයගේ තවත් වැඩ ලගදීම........

8 comments:

  1. :v දැන් ඔක දාන්නත් කොහොම හරි බොත්තන් නැති පොන් එකක් ඔනෑනේ... නේ

    ReplyDelete
    Replies
    1. උඹට ගතෑකි. ගාන ගොඩක්ම අඩුයි :)

      Delete
  2. මටත් එකක් ගන්න ඕනි බන් :D

    ReplyDelete
    Replies
    1. ඇයි තියෙන එක?
      මට මේ මට දීපු එක ඉල්ලගන්න බැරුව අඩනවා -_-

      Delete
  3. ඒකත් නරකම නෑ වගේ නෙහ්..

    ReplyDelete
  4. Xperia e 4n ekatath thiyanawa mcn oya os eka man damma eth signal pennuwe na mcn call gannath ba

    ReplyDelete
    Replies
    1. Call ගන්න නම් හැකි
      ඒත් ගොඩක් ෆීචර්ස් වැඩ නෑ තාම.
      නෙක්සස් වලට නම් සුපිරියට වැඩ

      Delete

මේක කාටම හරි වැඩක් වුනානම් කමෙන්ට් එකක් දාලා යන්න...
නෑ වගේ නම් ඒත් කමෙන්ට් එකක් දාලා යන්න